බලාපොරොත්තු අත්හැර නොගනිමු ගොඩ එමු - ගොඩ නගමු - පාඨලී සූදානම් (VIDEO)

මෙරට ප්‍රධාන බැංකු දෙක වන ලංකා බැංකුව මහජන බැංකුව නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමට අන්තර්ජාතික බැංකු සූදානම් නැති බැවින් අද වනවිට තෙල්,

විදුලි, ගෑස් අර්බුද උත්සන්න වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘‘බලාපොරොත්තු අත්හැර නොගනිමු‘‘, ‘‘ගොඩ එමු- ගොඩ නගමු‘‘ යන තේමාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේදි ඊයේ (23) පැවැත්වුණු 43 සේනාංකයේ ජාතික මහා සමුලූව අමතමිනි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, සාගල රත්නායක, සමගි ජනබලවේගයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු අමාත්‍යවරුන් වන සමගි ජලබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන තලතා අතුකෝරල, කබීර් හෂීම්, මනෝ ගනේෂන් හා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.