ජවිපෙට බලය තිබ්බා නම් දූෂිතයින්ට මොකද වෙන්නේ? ජොන්ස්ටන්ට අනුර දීපු පිළිතුර (VIDEO)

රනිල් වික්‍රමසිංහ ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම්

දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මේ අදහස් ප්‍රකාශ කළේය.

"ඔබලා බලයට ආවම දූෂිතයන්ට දඬුවම් දෙනවද. මීට කලින් ආව අයත් ඔහොම කිව්වා. නමුත් කියපු විදිහට කළේ නැහැ කියලා ජනතාව අපෙන් අහනවා. දූෂිතයකුට දඬුවම් දියහැකි වන්නේ අදූෂිත දේශපාලන බලවේගයකට පමණයි. ඒක පරම සත්‍යයක් බව අමතක නොකළ යුතුයි. එක් දූෂිතයකු තව දූෂිතයකු ආරක්ෂා කිරීම යනු එම දූෂිතයාට අපේක්ෂිත ඇප ලබා ගැනීමයි.

"යහපාලන ආණ්ඩු කාලයේ දඬුවම් දීමේ බලයක් මට තිබුණා කියලා පසුගිය දවසක ජොන්ස්ටන් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී හයියෙන් කෑගහලා කිව්වා. එහෙම බලයක් එදා මට තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියෙ අද ඔය කවුරුවත් නැහැ කියලා මම ඊට පිළිතුරු දුන්නා. එහෙම කියන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට හෝ අදූෂිත පුද්ගලයකුට පමණයි. එහෙම නැති නම් පහුවැනිදා ඇතුළට යන්න වෙනවා. ඒක රාජිත, සජිත් නැතිනම් කිරිඇල්ල හරි කිව්වොත් පහුවැනිදට නඩු පිට නඩු වැටෙනවා."