හාල් ගැන යන බොරු මතයක් ගැන බන්දුල පිටකොටුවට ගොස් කියයි (VIDEO)

සහල් මාෆියාවේ කූට උපක්‍රම වලට හසු නොවී, අඩු මිලට සහල් ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල

ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ සහල් වෙළෙඳසැල් වල පවත්නා තොග පිළිබඳව නිරීක්ෂණයක් සඳහා එක් වෙමිනි.

තමා පාකිස්ථානයේ නිල සංචාරය සිදු කරන අතරතුර දී මෙරට සහල් මාෆියාව විසින්, සුපිරි වෙළෙඳසැල් ජාලවල ප්‍රචාරණ කටයුතු ප්‍රධාන මාධ්‍ය ආයතන හරහා සිදු කරමින් තවදුරටත් සහල් කිලෝවක් රු.160/= ඉක්මවා යන මිල ගණන් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ඔවුන් විසින් අප්‍රේල් මාසය වන විට සහල් කිලෝවක් රු.300/=කට පමණ අළෙවි වනු ඇති බවට පාරිභෝගිකයා තුළ විවිධ මතවාද ඇති කිරිමට කටයුතු කර තිබෙන ආකාරය ද මෙහිදී පෙන්වා දුන්නේය.