අතුරුදහන් කළ වුන්ගේ ඥාතීන් මගහැරීම සඳහා පෑල දොරින් පළා යාමෙන් වසර ගණනාවක් තිස්සේ ඇඬු කඳුලින්ම කල් ගත කළ අම්මාවරුන්ගේ මුවට සිනා
නංවන්නට අධිකරණ ඇමැති වන්නියේදී සමත් වී තිබේ.
“අපේ දරුවන් උස්සාගෙන ගිය වීරයන්ගේ බියගුළු කම බලාපල්ලා,” යි මුලතිව් කච්චේරියේ ප්‍රධාන දොරටුව අසල විරෝධතාවේ යෙදී සිටි මව්වරුන් ඇමැති වාහනය පෙන්නමින් හිස අත් ගසමින් සිනාසෙනු එහි සිටි මාධ්‍යවේදීන් විසින් රූගත කර තිබේ.
“ලැජ්ජයි, ලැජ්ජයි” යනුවෙන් එක් මවක් හඬදුන් අතර තවත් කාන්තාවක් අසා සිටියේ “මෙතන කිසිම ආරක්ෂාවක් ඉන්න 50ක් විතර අපිට ආරක්ෂකයෝ වටකරගෙන ඉන්න ඇමැති ඔච්චර බයද?” යනුවෙනි.
අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් 'යුක්තියට ප්‍රවේශයක්' නමින් උතුරු පළාතේ පැවැත්වෙන ජංගම සේවය සිකුරාදා [28] පැවැත්වුනේ යුද්ධයෙන් වඩාත්ම පීඩාවට පත්වූවන් මෙන්ම වැඩිම හමුදා ගහනයක් ද සිටින මුලතිව් නගරයේදීය.
theleader.lk