මේ ඝාතනයන්ට පහර දීම්වලට යුක්තිය කෝ ? (VIDEO)

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රනය දරුණු ලෙස ක්‍රියාත්මක වූ අවදියේදී මාධ්‍යවේදීන් රැසක් ඝාතනයට, අතුරුදහන් කිරීමට, පහරකෑම්වලට, මාධ්‍ය

ආයතනය ගිනි තැබීම්වලට ලක්වී මේ වනවිට දශක එකහමාරක් පමණ ගත වී ඇතත් තවමත් ඊට යුක්තිය ඉටු වී නැතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්

පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යුක්තිය ඉල්ලා ජනතාව දැනුවත් කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට 28 වැනිදා පැවති වැඩසටහනට එක්වෙමිනි.

ඡායා : Sri Lanka Working Journalists' Association