බැසිල්ගේ නඩුව ගැන අනුර ගේ අනාවැකිය හරි යයි (VIDEO)

වර්තමානයේ දේශපාලන මැදිහත් නොවන නඩු සාධාරණව විසඳෙන නමුත් දේශපාලනය මැදිහත් වන ඕනෑම නඩුවක් විසඳීම පිලිබඳ සැකය සහ අවිශ්වාසය

ගොඩනැගී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඉකුත් 25 වැනිදා පැවැත්වුණු එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබාදීමට නියමිත නඩු තීන්දුවක් ගැන ද එහිදී ඔහු මෙසේ කියා සිටියේ ය.

"හෙට අනිද්දා ගම්පහ උසාවියේ නඩුවක් පිලිබඳ තීන්දුවක් දෙන්න ඉන්නවා. මොකක්ද තීන්දුව විය හැක්කේ. නිදොස් කොට නිදහස් කොට ඇත. බැසිල්... ඔහොම තමයි වෙන්නේ. අද නඩුවේ තීන්දුව අපි හැම කෙනාටම උපකල්පනය කරන්න පුළුවන්. මොකක් මත ද ? දේශපාලන හැඩරුව මත."

Search