ගැටුමට තමන් සම්බන්ධ බව ඔප්පු කලහොත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා - සිදුවීමේ දර්ශන මෙන්න (VIDEO)

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයෙහි සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ යැයි ඔප්පු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

"මම සාධාරණය පැත්තෙන් වැඩ කටයුතු කරපු කෙනෙක්. කවදාවත් පොලිසියකවත් මගේ නමක් ගෑවිලා නෑ, මම කිසිම ඒ විදිහේ වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ජීවිතයම එහෙමයි. මම මේ වෙලාවෙදී අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න, ඒ සාධාරණ පරීක්ෂණය තුළ මම වැරදිකාරයෙක් නම් මම අනිවාර්යයෙන්ම අයින් වෙනවා."

 

Search