බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහා, අගරදගුරු අතිඋතුම්
මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.
මෙම අවස්ථාවට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා මෙසේ ප්‍රකාශ කළේ ය.
"මුනි කියන මේ මහත්මයා තමයි එදා දේවස්ථානයේ බෝම්බය සොයා ගත්තේ. වෙන්න ගිය විනාශය නවත්වන්න කටයුතු කළේ ඔහු. ඉතින් ඒ පුද්ගලයා පිළිබඳව කාදිනල් හිමියන්ට ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ඔහුවත් නිදහස් කරයි කියලා."
"අපිට විශාල සැකයක් පවතිනවා.. මේ අත්බෝම්බය යම් පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නෙමෙයි කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියලා."
"පාස්කු ප්‍රහාරයට දින 1,000ක් සපිරෙන මොහොතේ ජනවාරි 14 වනදා තිබුණු යාච්ඤා මෙහෙයට යම් බාධාවක් කරමින් ජනතාව බියගැන්වීමට හෝ පාස්කු ප්‍රහාරය යට ගහන්නට උත්සාහ කරන අය කළාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා."