අරුන්දික රැක ගන්න අපි ඉන්නවා - කොටුවේ හිමි පෙරට (VIDEO)

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම මුල්කරගෙන අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන ගමන අවසන් කිරීමට

නම් කිසිසේත්ම ඉඩ නොතබන බව අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවත් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.

“පොල් පරාළ ඇණ ඔළුවට බස්සපු වධකාගාර තිබිච්ච රටක මේ දරුවෝ දෙගොල්ලක් ගහගත්තා කියලා මෙච්චර මේ හාහූවක් නටන්න තරම් දෙයක් මෙතන නෑ, එක. දෙක, ළමයි හැංගුවෙත් නෑ. නීතිය අතට ගත්තෙත් නෑ. මේ කිසිම දෙයක් කරලා නෑ. මේ කිසිම දෙයක් නොකර ඇයි මෙච්චර ඇමතිතුමා පස්සෙ එළවන්නෙ කියන එක ප්‍රශ්නයක්.

මට හොඳට මඩ ගහයි, සල්ලි ගත්තා කියයි, මට ඒවා අදාළ නෑ. අරුන්දික ඇමතිතුමා පැත්තකට දාන්නකො, මගේ කාටහරි මහරෑ දොළහට හරි කිව්වොත් ‘අනේ පොඩි හාමුදුරුවනේ, මට ගහනවා. මාව බේරගන්න’ කිව්වොත් මම යනවා. ඒක තමයි හැඟීම. ඒක තමයි සිංහලකම, ඒක තමයි මනුස්සකම. ඒක නිසා කරුණාකරලා දෙගොල්ලම සද්ද නැතුව ඉමු, නීතියට බාරදීලා සිද්ධිය. මේ වෙලාවේ දේශපාලන බිලීබාන්න යන්න එපා. මේ සිද්ධිය හරහා අපි කවදාවත් අරුන්දික ඇමතිතුමාගෙ දේශපාලනය ඉවර කරන්න නම් දෙන්නෙ නෑ. හේතුව, එතුමා මේ රජය ගේන්න ආණ්ඩුව වෙනුවෙන් කතා කරන ප්‍රබල චරිතයක්. ඒ නිසා එතුමා රැකගන්න අපි ඉන්න බව බොහොම කරුණාවෙන් කියනවා”

Search