"අර්බුදයේ ඇත්ත හේතුව කොරෝනා නෙමෙයි" - තිත්ත ඇත්ත කියන්න ගොස් ගම්මන්පිලටත් වැඩ වරදියි ද ? (VIDEO)

මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ හේතුව කොරෝනා නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

 

"බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය විග්‍රහ කරන්නේ කොවිඩ් නිසා ඇතිවුණු ප්‍රශ්නයක් කියලා. මම ඒක පිළිගන්නේ නෑ. මොකක්ද අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ආණ්ඩුවට රුපියල් නැහැ. රටට ඩොලර් නැහැ. දශක ගණනක් මෝදු වෙලා මෝදු වෙලා ඇවිත් තව වසර පහකින් විතර පුපුරන්න තිබ්බ බෝම්බෙ කෝවිඩ් ආපු නිසා ඉක්මන් වුණ එක විතරයි වුණේ.

මේ ප්‍රශ්නේ කොවිඩ් නිසා ඇතිවුණු අර්බුදයක් කියලා විග්‍රහ කරන අය කියනවා බය වෙන්න එපා සංචාරක ව්‍යාපාරේ නැගිටිනවා ලක්ෂ ගණනින් මේ අවුරුද්දේ පිටරට යනවා රස්සාවලට. සාමාන්‍ය වසරක අපනයන ආදායමයි ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 8ක්. ඒකට වසරේ ගෙවන්න තියන ණය ඩොලර් බිලියන 7 එකතු කළාම ඩොලර් බිලියන 15ක්. සංචාරක ව්‍යාපාරේ විදේශ රැකියා කරන අයගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 11ක් තමයි තත්වයට ගියත් ගන්න පුළුවන්. තව ඩොලර් බිලියන 4ක පරතරයක් තියනවා. ඉන්දියාවෙන් චීනයෙන් IMF එකෙන් කෙටි කාලින ණය අරගෙන මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් පලවෙනි පියවර ප්‍රශ්නයක් තියනවා කියලා පිළිගන්න ඕන. ප්‍රශ්නය රටේ ජනතාවට කියන්න ඕන."

Search