සෞඛ්‍ය වර්ජනයට ජනතාවගෙන් මැසිවිලි - 'අපට විකල්පයක් නෑ' වෘත්තීය සමිති කියයි(VIDEO)

අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (7) පෙරවරු 7.00 සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය නිසා ජනතාව පීඩාවට පත්වන නමුත් ප්‍රශ්නවලින් පලා යන

පාලකයින් ඉන්න රටක, අපට වෙන කිසිදු විකල්පයක් ඉතිරි වී නැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

පරිපූරක වෛද්‍ය සේවාව සහ හෙද සේවාව ඇතුළු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදී කණ්ඩායම් 16 ක සියලුම වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වී ඇත.

 

Search