වයින් ස්ටෝර්ස් ගැන ප්‍රශ්නෙට උත්තර දෙන්න ආණ්ඩුව මෙච්චර ඇඹරෙන්නේ ඇයි ? (VIDEO)

බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර, වයින් ස්ටෝර්ස් ගැන විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති ගැටලුවට පිළිතුරු දීමට ආණ්ඩුව මැලිවන්නේ ඇයිදැයි ප්‍රශ්න

සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ගැටලුවට පිළිතුරු දීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සති දෙකක කාලයක් ඉල්ලා සිටි අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ය.

"දැන් කලින් සැසි වාරෙත් තුන් පාරක් කල් ගත්ත ප්‍රශ්නයක්. මම දන්නේ නෑ ඇයි මේකට මෙච්චර කල් ගන්නේ කියලා. මේක ලොකු බරපතල ප්‍රශ්නයක් ද කියලා ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න.

මේකේ අහලා තියෙන්නේ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර, වයින් ස්ටෝර්ස් ගැන. මම දන්නේ නැහැ මේකට උත්තර දිගන්න ආණ්ඩුව මෙච්චර ඇඹරෙන්නේ මොකද කියලා."

 

 

Search