මෙරට ඖෂධ හිඟය කොරෝනා නිසා ඇතිවූ ගැටළුවක් නොවන බවත් ඊට හේතුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති කම බවත් ජනතා විමුක්ති පෙරමුණේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ආර්ථික අර්බුදයට හේතුව ඉවක් බවක් නැතිව ණය ගැනීම මිස කොවිඩ් නොවන බවට අමාත්‍ය ගම්මන්පිල කියා සිටිය දී, මුල් කාලයේ කොවිඩ් මර්දනය සිදු කරනවා වෙනුවට මිත්‍යාව පසුපස ගිය බවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සිදු කළ ප්‍රකාශ උපුටමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව කළ මෝඩකම් ආණ්ඩුවේ අමාත්‍යවරුම පිළිගන්නා තත්වයට අද පත්ව ඇති බවයි.