මහ බැංකු අධිපතිවරයා කාවද මේ අන්දන්න හදන්නේ? (VIDEO)

මෙරට ඩොලර් අර්බුදයක් ඇති බව පිළිගැනීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සූදානම් නැති නමුත් ජනතාව එය විශ්වාස කිරීමට තරම් මෝඩ

නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

"මහ බැංකු අධිපති කතා කරන්නේ පොහොට්ටුවේ සභාපති වගේ. ඩොලර් ප්‍රශ්නයක් නැත්නම් ජනතා ප්‍රශ්න විසඳන්න.

රටක මහ බැංකුවක් සහ එහි අධිපතිවරයා ස්වාධීන විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා දේශපාලකයෙකු ලෙස කතා කරන්න හොඳ නෑ. ඒක රටට හොඳ දෙයක් නෙවෙයි. මහ බැංකු අධිපතිවරයා කියනවා අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතිලු.

ඒ පුවත වාර්තා කරපු පුවත්පත් උපහාසයට වගේ ඒ පුවතට යටින් වාර්තා කරල තියනවා, ඩොලර් නැති නිසා වරායේ කන්ටේනර් හිරවෙලා. ⁣ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ. එදා වේල පිරිමහගන්න රන් සංචිතයෙන් කොටසක් විකුණයි වගේ ප්‍රවෘත්ති. මහ බැංකු අධිපතිවරයා කවුද මේ අන්දන්න හදන්නේ?"

Search