ආරක්ෂාව පතා මහින්ද ත්‍රි'මලේ නාවික හමුදා කඳවුරට (VIDEO)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරක්‍ෂාව උදෙසා ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

පවසනවා.

අරලියගහ මන්දිරය අසළ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එහි රැඳීසිටීම සුදුසු නොවන බැවින් තාවකාලිකව ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවත් තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.