රනිල් අද සවස අගමැති ධුරයේ දිව්රුම් දෙයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.30 ට අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග

පවසයි.

ඒ අනුව, ඔහු අගමැතිවරයකු ලෙස දිව්රුම් දෙන්නේ 6වන වරටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (11) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනි.

එසේම, නව ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.


 

VOICE TUBE VIDEOS