'උන් ඔක්කෝම යාලුවෝ මල්ලී' - රන්ජන් බලන්න ගිය සජිත් කියයි (VIDEO)

රන්ජන් රාමනායක සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා කිසිවෙකුට සිය ආත්මය පාවා නොදී ඔහු සිය ආත්මය රැක ගත් බවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීයි.

“මට මතකයි රන්ජන්ගේ එක් ප්‍රකාශයක්. 'උන් ඔක්කොම යාළුවෝ මල්ලි' යන ප්‍රකාශය. නමුත් රන්ජන් රාමනායක මැතිතුමා උන්ගේ හිතවතෙක් නොවුණ නිසා අදට හිරේ ඉන්නවා. මේක තමා සත්‍ය කතාව. කිහිපවතාවක් අපි ඉදිරිපත් කළා මෙතුමාගේ නිදහස තහවුරු කරන්න කියා. නිකන් නිදහස නෙමෙයි පූර්ණ නිදහස. නමුත් අදටත් එය සිදුව නෑ. නැවතත් කියනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇතුළුව පුර්ණ නිදහස ලබාදීමට කටයුතු කරන්න."