ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීමේ අරමුණින් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එවා තිබේ.
එම මානුෂීය ආධාර තොගය ඊයේ (22) ශ්‍රී ලංකාවට ලැබුණු අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් එම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී ඇත.
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් අතර බෙදාදීම සඳහා මෙම ආධාර එවා තිබෙන අතර සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක්, ඖෂධ මෙට්‍රික් ටොන් 25ක් සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් ආදිය ඊට ඇතුළත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.