ඔබතුමාලා අතේ මුදලින් තෙල් ගැහුවේ කවදද? මාධ්‍යවේදියෙකුගෙන් බන්දුලට දැඩි විරෝධයක් (VIDEO)

අද (24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත මාධ්‍යවේදියකුගෙන් දැඩි

විරෝධයක් එල්ල වී තිබෙනවා.

ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදකාරී වාතාවරණය හමුවේ නැවත වරක් ඉන්ධන මිල ඉහල දැමීම කෙරෙහි පුද්ගලිකව කණගාටුව හා අප්‍රසාදය පළ කරමින් කළු පටියක් පැළඳ මාධ්‍යවේදී අසංක අතපත්තු මෙලෙසින් විරෝධය දක්වා සිටියේ ය.

"තෙල් මිල ඉහල දැමීමට සාපේක්ෂව අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහල දැමීමට ඔබතුමාලා තීරණය කර තිබෙනවා. ඔබතුමාලට තේරෙනවා ඇති අපි මොනතරම් අමාරුවෙන්ද ජිවත් වෙන්නේ කියලා. මාධ්‍යවේදීන් විදියට අපිත් රටේ ජනතාවත් එහෙමයි. මෙහෙම කතා කිරීමත් ඇත්තටම කණගාටුවක්. ඔබතුමාලා පුද්ගලිකව හිතලා බලන්න ඔබතුමාලා අතේ මුදලින් කවදද තෙල් ගහලා තියෙන්නේ ? කවදාවත් තෙල් ගහලා නැහැනේ. මේ අමාරුව මහජනතාවට. රටේ පුරවැසියෙක් මාධ්‍යවේදියෙක් විදියට ඔබතුමාලා කරපු මිල වැඩි කිරීම පුද්ගලිකව මේ ආකාරයට කළු පටියක් පැළඳ කණගාටුව හා අප්‍රසාදය පළ කරනවා."