වෙනදා ගහන ගේම් එකට ලෑස්ති වෙන්න එපා - බස් සංගම් රජයට අනතුරු අඟවයි (VIDEO)

ජනතාවටට බරක් නොවී පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අද දිනය තුළදීම ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස සමස්ත ලංකා

පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල යළි රු.111කින් ඉහළ දැමීම සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් අද (24) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය වන්නේ නම් අවම බස් ගාස්තුව රු.35ක් දක්වා හෝ වැඩි කළ යුතු වන අතර සෙසු ගාස්තුද 35%කින් වැඩි විය යුතු බව ඔහු කියා සිටියේය.

සති දෙකෙන් දෙකට මාසෙන් මාසයට තෙල් මිල ඉහළ යන්නේ නම් ප්‍රවාහන ගාස්තු වැඩි වීම සම්බන්ධයෙනුත් බස් සංගම හිමියන් ලෙස ඔවුන් සමඟද සාකච්ජා කර නිසි මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනට යෝජනා කරන අතර, කෙසේ වෙතත් එම මිල සූත්‍රය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ රු. 2500 ජීවත් වීමේ හැකියාව වැනි සූත්‍රයක් නොවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.