ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
අසල විරෝධතාවක් පැවැත්වෙනවා.
මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයට අදාළව සැකකරුවන් රැසක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබියදීත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් සම්බන්ධයෙන් ඔවුන් වෙනමම පිළිවෙතක් අනුගමනය කිරීම උද්ඝෝෂකයින්ගේ විරෝධයට හේතු වී ඇත.
මේ අතර විරෝධයට ආගන්තුක පිරිසක් අරගලකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.