පවතින අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවත් තමන්ගේ ජිවිත ආරක්ෂා කරගනිමින්, සෞඛ්‍ය පද්ධතිය කඩා නොවැටී පවත්වාගෙන යාමට තමන්ගේ
මට්ටමින් දායකත්වය ලබාදෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ රට තුල වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් ඇති බැවින් ඉතා අවධානම් තත්වයක් මතුව ඇති බවයි.