නීතියට පිටින් වැඩ චන්ඩි පොලිස් ගැන මුජිබර්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් (VIDEO)

ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන් සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව

විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලීසිය කටයුතු කළ යුත්තේ ජනතාව ආරක්ෂා කිරීමට වුවත් ඇතැම් නිලධාරීන් පාලකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවත් ඒ අනුව, පොලීසියේ රාජකාරියට පිටින් ගොස් ආණ්ඩුවේ වුවමනාවන් ඉටුකරන පොලිස් නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.