ජනාධිපති හිස් පඹයෙක්, උඩඟු මිනිහෙක් - අනුර (VIDEO)

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර

ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන ද මන්ත්‍රීවරයා එහිදී දැඩි ලෙස විවේචනය කළ අතර ජනතාවගේ වගකීම කිසිදු ලෙසකින් ඉටු නොකරන වත්මන් ජනාධිපතිවරයා හිස් පඹයෙක්, උඩඟු මිනිහෙක් යැයි ද ඔහු එහිදී පැවසී ය.