පාර්ලිමේන්තුව කතා සාප්පුවක් විතරයි -සජබ පාර්ලිමේන්තු වර්ජනය කරයි (VIDEO)

මෙරට පෝලිම්වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන,කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මාවරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත්

ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (21) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ දී ඔහු දැනුම් දුන්නේ මෙරට දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් සහ රට බරපතළ ලෙස කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුවක් සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බව යි.

ඒ අනුව සමගි ජන බලවේග පක්ෂය මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනු ඇත.