සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ
මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය බාරගත්තේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට බවත්, රටේ ප්‍රශ්න නොවිසඳන බවත් චෝදනා කරමින් පිරිස විරෝධතාවයේ නිරතව සිටිති.
අගමැතිවරයාගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.