පාර්ලිමේන්තුවේ දිවූරුම් දුන් ධම්මික පෙරේරාට විමල්ගෙන් සුහද පිළිගැනීමක් (VIDEO)

SLPP ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කළ ධම්මික පෙරේරා අද (22) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.

 

දිවුරුම් දුන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට විපක්ෂය පැත්තෙන් අසුනක් හිමිවිය. ආණ්ඩු පක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඇති හෙයින් දැනට ආණ්ඩුවේම පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය පැත්තේ අසුන් ගන්වා තිබේ.

මේ අනුව ධම්මික පෙරේරා ද පසුපෙල මන්ත්‍රීවරයෙක් ලෙස අසුන් ගන්වා තිබේ. ඔහු සිය අසුනට පැමිණෙන විට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ අතට අත දී සුබ පැතුම් එක් කළේය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි ධම්මික පෙරේරා මෙලෙස දිවුරුම් දුන්නේය.

Search