ජනාධිපති ගෝඨාභය මැච් එක මැදදී නීතිය වෙනස් කරා (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනධිපති තනතුරට පත්වූ පසු තමන්ට වුවමනා පරිදි රටේ නීතිය වෙනස් කළ බව එරාන් වික්‍රමරත්න කියා සිටිනවා.

 

ඔහු ජනාධිපතිවරණය ජයගත්තේ එක ව්‍යවස්ථාවක් එක නීතියක් යටතේ වුවත් මැච් එක මැද දී නීතිය වෙනස් කළේ යැයි ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

"ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනකොට එක නීතියක් එක ව්‍යවස්ථාවක් තිබුණේ. මොනවද මෙතුමා ඇවිල්ලා කළේ. මිනිහා දින්නට පස්සේ.. දින්නේ එක ව්‍යවස්ථාවක් එක නීතියක් යටතේ මැච් එකේ මැද මොනවද කළේ මිනිහා කැච් එක නැහැ කියලා කිව්වා. නීතිය වෙනස් කළා. නීතිය වෙනස් කරලා හිතන් ඉන්නවා දිගටම බැට් කරගෙන යන්න පුළුවන්. බෝලේ ගහලා කැච් එක ගත්තහම කියනවා නොට් අවුට් කියලා. ව්‍යවස්ථාව මාරු කළා."