මානව හිමිකම් කොමිසන් සභාව අරගල බිමට ! නීතිඥවරු සක්ෂි කියයි (VIDEO)

ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා

මානව හිමිකම් කොමිසම පවසයි.

මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේ කිසිදාක සිදු නොවන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටී.

එසේම, අරගල බිමට පැමිණ සිටින මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරීන් මේ වනවිට ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගනිමින් සිටියි.