වගකීම් දරන්න සූදානම් චම්පික, අද ජනපති හමුවෙයි (VIDEO)

43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට

නියමිතය.

මාධ්‍ය හමුවේ චම්පික මන්ත්‍රීවරයා පළ කළ අදහස් පහතින්,,

ප්‍රශ්ණය :
හෙට (5) සමගි ජන බලවේගයත් එක්ක ජනාධිපතිවරයාගේ මොකක් හරි එකකට එන්න කියලා කතාවක් තියෙනවද? ඔබතුමා ඒකට සහභාගි වෙනවාද?

මන්ත්‍රීවරයා :
මට සහ අපේ 43 සේනාංකයට ජනාධිපතිතුමා වෙනම ආරාධනාවක් කරලා තියෙනවා. අපි ඒ අනුව යනවා.

ප්‍රශ්ණය :
ඒ කියන්නේ සාකච්ඡාවෙන් පස්සේ ඇමති ආරාධනාවකුත් ලැබෙයි නේ?

මන්ත්‍රීවරයා :
නෑ අපි ඒ ගැන එහෙම හිතන්නේ නෑ.

අපි මේ ඇමතිධූර සඳහා කටයුතු කරන අය නෙමෙයි. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. නමුත් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් වගකීම් කරන්න පුළුවන් ආකාරය පිළිබඳ අදහසක් අපි පළ කළා. ඒ අදහස එක්ක ඒ ඒ තත්ත්වයන් ඇතිවුණොත් වගකීම් දරන්න සූදානම්.