විපක්ෂයේ එකමුතුවෙන් ජනපතිට ඉල්ලීමක් (VIDEO)

ජනපීඩක ජන ඝාතක ක්‍රියාවලිය වහාම නතරකොට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීමේ වරප්‍රසාදය මේ රටේ ජනතාව වෙත ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත්

ප්‍රේමදාස ඉල්ලා සිටියි.

ඊයේ (4) විපක්ෂයේ පක්ෂ නායකයින් ප්‍රමුඛව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ ය.

මිලේච්ඡත්වය හෝ ත්‍රස්තවාදය සමස්ත විපක්ෂය අනුමත නොකරන බවත්, පොදු ජනතාවගේ සාමකාමී විරෝධතාවයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කළයුතු බවත්, එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවේ මර්දනය සහ තර්ජනය තුළින් රට ගොඩනැගිය නොහැකි බවත් පැවසීය.