සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන ගමනේ කකුලෙන් අදින අය ගැන මෛත්‍රී කියයි (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යන ගමනේදී කකුලෙන් අදින පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කොටසක් කැමැත්තෙන් සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.