ව්‍යවස්ථානුකුල මර්දනයට ව්‍යවස්ථානුකුල උත්තරයක් ඕනෑ - ලාල්කාන්ත (VIDEO)

වත්මන් පාලනය විසින් සිදු කරනු ලබන ව්‍යවස්ථානුකුල මර්දනයට ව්‍යවස්ථානුකුල උත්තරයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල

සභික කේ.ඩී ලාල්කාන්ත පවසයි.

‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහිව නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඊයේ (6) පැවැත්වුණු රැලිය අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබුණි.