මේ විකෘතිය නැති කරන්න මැතිවරණයක් අවශ්‍යයි - සජිත් (VIDEO)

වර්තමානයේ රටේ ඇතිව තිබෙන විකෘති තත්ත්වය ප්‍රකෘතියක් කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

ඊයේ (6) දැදිගම ආසනයේ සම සංවිධායක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

69 ලක්ෂයක බලයට පත් කළ ජනාධිපතිවරයා ජනතාව විසින් එලවා දැම්මාට පසු මහමැතිවරණයේ එක අසුනක් පමණක් ගත් එජාපයේ මන්ත්‍රීවරයා අගමැති මෙන්ම ජනපති වූ බවත් ඔහුව ආරක්ෂා කිරීම සඳහා රාජපක්ෂ හිතවාදීන් 134ක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායකයා ඔවුන්ට මේ අවස්ථාවේත් අවශ්‍ය වී ඇත්තේ ඇමතිකම් පමණක් බැවින් මේ තත්ත්වය මේ අවස්ථාවේ වෙනස් විය යුතු බව අවධාරණය කළේ ය.