ඇප ලැබූ ස්ටාලින් ජනපතිගේ දුරකථකන ඇමතුම ගැන මාධ්‍යට කියයි (VIDEO)

අත්අඩංගුවේ පසුවූ කාලය තුල දී ජනාධිපතිවරයා තමන් වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නායි කියා කිසිදු විශේෂ දෙයක් සිදු නොවූ බවත් නීතිඥවරු දිගින්

දිගටම කරුණු පෙන්වා දෙද්දී පවා පොලිසිය ඇප ලබාදීමට විරුද්ධ වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් අද(8) ඇප මත මුදාහැරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ය.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ජෝශෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.