පුහු ටෙලිනාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු - සජිත් (VIDEO)

බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවෙමු යයි විපක්ෂ නායක සජිත්

ප්‍රේමදාස පැවසීය.

ඊයේ (8) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණු ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ අප සියලු දෙනාගේම අරමුණ වන්නේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම නමුත් අද වනවිට මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද එහිදී ඔහු කියා සිටියේ ය.