රජය ලබාදුන් සහනවලට කෘතවේදී වෙනවා - අසේල සම්පත් (VIDEO)

පාරිභෝගිකයාට සහන දෙන ජාතික වැඩ පිළිවෙලක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බව ආපන ශාලා හිමියන්ගේ

සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් අද (9) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙරට ජනතාව කුසගින්නෙන් මුදවා ගැනීම සියල්ලට ප්‍රථම සිදු කළ යුතු බවයි.

එසේම, වර්තමාන රජය ජනතාව වෙත ලබාදුන් සහනවලට කෘතවේදී වන බව ද ඔහු වැඩිදුර කියා සිටියේ ය.

ගෑස් මිල, ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ද ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති අතර ඒ අනුව, තේ කෝප්පයක මිල රු. 30 ක් දක්වාත් රු. 200ට වැඩි කෑම පැකට්ටුවක මිල 10%කින් අඩු කිරීමටත් තීරණය කර තිබේ.

මෙයට පරිබාහිරව යම් කිසි හෝටලයක් ආපනශාලාවක් කටයුතු කරන්නේ නම් 078 871 47 26 යන දුරකථන අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙස යි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේ.