'මයිලත්තාන සමුල ඝාතනය' ගැන අලුත් විමර්ශනයක් ඉල්ලයි (VIDEO)

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මයිලන්තානෙයි ගම්මානයේ 1992 වසරේ සිදුවූ සමූල ඝාතනයේ 30 වැනි සංවත්සරය

අඟහරුවාදා (9) මයිලත්තානෙයි විනයාගර් විහාරස්ථානයේදී පැවැත්විණි.

ශෝක දිනයට පෙර දින විහාරස්ථානයේ පොංගල් සමරමින් විශේෂ පුජාවක් පවත්වා සමරු ගිනිදැල් දල්වා නිහඬ උපහාරයක් ද පැවැත්විණි.

ගම්වාසීන් විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට පල්ලියේ පූජකවරු, ගම් සංවර්ධන සමිති සාමාජිකයින් සහ සමාජ ක්‍රියාකාරීහු සහභාගී වූහ. උත්සවය අවසානයේ තමන්ට අහිමි වූ යුක්තිය යළි ලබාගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා වෙත එවන ලෙසට ගම්වාසීන් විසින් විහාරස්ථානයේ පූජකවරයා වෙත ලිපියක් භාරදුන්හ.

1992 අගෝස්තු 09 වැනිදා මඩකලපුව නගරයට කිලෝමීටර් 50ක් උතුරින් පිහිටි පුනානයි මයිලන්තානයි ගම්මානයේදී අපේ මයිලන්තානයි ගම්මානයේ තරුණ තරුණියන් ඇතුළු 39 දෙනෙක් කපා කොටා වෙඩි තබා මරා දමන ලදී. 34 දෙනෙක් තුවාල ලැබූහ.

ඒදින දෙමළ ජාතිකයින් 35 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් 4 දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියහ.

මේ අතරතුර අපේ ගමේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පදනම් කරගෙන පූනානි හමුදා කඳවුරේ සිට ශ්‍රී ලංකා හමුදාව මෙම සමූල ඝාතන සිදු කළ බවට නඩුවක් ගොනු කළා.

1993 අගෝස්තු මස 02 වැනිදා මඩකලපුව දිසා අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වුණු අතර එහි සිටි සොල්දාදුවන් 24 දෙනෙකු අපව අපේ ගමේ දිවි ගලවා ගත් අය ලෙස හඳුනා ගත්හ.

පසුව නඩුව විත්තිකරුවන්ගේ ආරක්ෂාව සලකා නීතිපතිවරයා විසින් නඩුව කොළඹ අධිකරණයට මාරු කළ අතර මේ නිසා අපේ ගමේ සාක්කිකරුවන්ට කොළඹට ගොස් සාක්‍ෂි දීමට සිදුවූ මහත් අපහසුතා හා තර්ජන හේතුවෙන් චෝදනා පත්‍රය ගොනු කිරීමට ප්‍රමාද විය.

මඩකලපුවේ සාක්ෂිකරුවන් 30කට වැඩි පිරිසක් නඩු විභාගයට පැමිණ සිටියහ. දැඩි නඩු විභාගයකින් පසු තීන්දුව ජූරි සභාවකට ලබා දුන් අතර ජූරි සභාව ඒකමතිකව චූදිත සොල්දාදුවන් කිසිවෙක් අපරාධයට වැරදිකරුවන් නොවුණි. නැවත සලකා බලන ලෙස විනිසුරුවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුවත් ජූරි සභාව ඔවුන් නිවැරැදිකරුවන් බව තීන්දු කළේය. වින්ඳිතයන් වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයට නීතිපතිවරයා අවසර දුන්නේ නැත.

චූදිත සොල්දාදුවන් 18 දෙනාම 2002 නොවැම්බර් 27 දින නිදහස් කරන ලදී. මෙම තීන්දුවෙන් පසු මානව හිමිකම් ක්‍රියාකාරිකයින්, සිවිල් සංවිධාන, ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහ ගම්වාසීන් ද ඒ පිළිබඳව නොසතුටට පත් වූහ.
මයිලන්තන සංහාරයට වසර 30ක් සපිරෙන අදට ඔවුන් යුක්තිය ඉල්ලා සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

1. අපගේ නඩුව නැවත විභාග කළ යුතුය. අපි ජූරි නඩු විභාගයක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමු.

2. සාක්ෂිකරුවන්ට සහ වින්ඳිතයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතුය.

3. සාක්ෂිකරුවන්ට නඩු පැවරීමේ පිරිවැය රජය විසින් දරනු ලැබේ.

4. වින්ඳිතයින්ට වන්දි ගෙවිය යුතුය.

5. නැවත සිදු නොවන බවට සහතිකයක් සැපයිය යුතුය. ඒ සඳහා වන වැඩපිළිවෙළ රජය විසින් ප්‍රකාශ කළ යුතුයි.

මයිලත්තාන ගම්වාසීන් මෙම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ලිපියකින් ඉදිරිපත් කර තිබේ.

ඒල්.තේවාදිරන්