රනිල් සජිත් එකඟතාවකට පැමිණිය යුතුයි - මනෝ (VIDEO)

මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය යම් කිසි මට්ටමකට හෝ ජනාධිපති ඇතුළු ආණ්ඩුව යෝජනා කළ සර්ව පාක්ෂික වැඩ පිළිවෙල සමඟ එකඟ

නොවන්නේ නම් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් විය නොහැකි බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙන කවරෙකුගේ හෝ මැදිහත් වීමකින් තොරව සාකච්ඡා පවත්වා රට වෙනුවෙන් එකඟතාවකට, අවම වැඩ පිළිවෙලකට හෝ පැමිණිය යුතු බව තමන් යෝජනා කරන්නේ යැයි මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.