එගොඩඋයන වෙරළට නාඳුනන සිරුරක් ගොඩගසයි

මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට

නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බව පොලීසිය පැවසීය.

එම පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර අඩි 5යි අඟල් 4ක් පමණ උසැති අයෙක් බවත් පොලීසිය කීය.

ඔහුගේ මුහුණ පුරා රැවුල වවා තිබේ.

මේ වනවිට මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තබා තිබේ.

(Ada derana)