මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කෙරේ

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන්

අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවන කටයුතු සඳහා විවෘත කර තිබේ.

කෙසේවෙතත් තවදුරටත් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

පානදුර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ දුම්රියක් අද (13) පෙරවරුවේ පීලි පැනීමට ලක්වූ අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.

එම දුම්රිය පීලි පැනීමට ලක්වන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

මේ අතර  දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව සඳහන් ය.