ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 ?

එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන

දින පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.