මහින්දානන්ද සහ නලින්ට බරපතල වැඩ.. අතුගාන්නත් දර පලන්නත් දෙයි!

මහින්දානන්ද සහ නලින්ට බරපතල වැඩ.. අතුගාන්නත් දර පලන්නත්  දෙයි!

මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.

ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නොමැති බවයි පැවසෙන්නේ

ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අනුව අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් සඳහා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

Search