ජනපති මාල දිවයිනට: ජනාධිපති වීමෙන් පසු යන හයවන විදෙස් සංචාරය

ජනපති මාල දිවයිනට:  ජනාධිපති වීමෙන් පසු යන හයවන විදෙස් සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයට පත්වීමෙන් පසු හයවන විදේශ සංචාරය ලෙස ජූලි මස අවසන් සතියේදී මාලදිවයිනේ තෙදින නිල සංචාරයකට එක්වීමට නියමිත බව ද සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරෙන ජූලි 29 වනදාට සමගාමීව සිදුවන අතර, මාලදිවයිනේ නිදහස් දින සැමරුම් (ජූලි 26) දිනට පසුව මෙය සිදු වේ.

කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය විසින් මෙම සංචාරය හෝ ඊට අදාළ න්‍යාය පත්‍රය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත

Search