ශ්‍රී ලංකා පොලිසියේ විවිධ ප්‍රධාන කොට්ඨාශ වලට පසුගිය කාලය යොමු කළ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි හා විමර්ශන ලිපුණු දාහකට අධික සංඛ්‍යාවන් නැවත විවෘත කර පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාශ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ප්‍රධාන කොට්ඨාස කීපයක් වසා දැමූ ලිපිගනු නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.
එසේ විමර්ශනය කර නීතිපති උපදෙස් පැතිය යුතු දේවල් සඳහා උපදෙස් පැතීමක් අත්අඩංගුවට ගැනීමට සිදුකිරීමට අවශ්‍ය ඒවා එසේ සිදු කිරීමටත් තීරණය කර ඇතැයි සඳහන් වේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි
වහපු නඩු දහසක් ආපසු ඇරෙයි
