කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවීම සඳහා පැවති නිල වර්ණයේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ හැසිරීම පළාත් පාලන පනතට ප්රතිවිරෝධී බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය තීන්දු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥ කණ්ඩායමක හමුවක් ඉකුත් සතියේ පැවති අතර එහිදී තීන්දු වී ඇත්තේ විවෘත චන්දයකට යන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් හැට දෙනකුගේ අත්සනෙන් යුතු ලිපියක් විපක්ෂය ඉදිරිපත් කර තිබියදීත් එයට පටහැනි රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය ගත් තීන්දුවට වෙනත් නීතිඥවරු සමගද සාකච්ඡා කර නඩුව පැවරීමේ කටයුතු සිදුකරන්නයි ජනාධිපති නීතීඥ වර්ධනයට මෙහිදී උපදෙස් ලබා දී ඇත