ආරක්ෂක ඇමති මර නින්දේ....අදත් කොස්ගම වෙඩි තැබීමක්..තුනක් රෝහල් ගත කරයි

ආරක්ෂක ඇමති  මර නින්දේ....අදත් කොස්ගම වෙඩි තැබීමක්..තුනක් රෝහල් ගත කරයි

අද දින අළුයම් කාලයේ කොස්ගම පොලිස් වසමේ සුදු වැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කල වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි තිදෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවට කොස්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

තුවාලකරුවන් අවුරුදු 12, 30 හා 44 වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තුවාලකරුවන් මව, දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙකු වන අතර මොවුන් කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

Search