බස්නාහිර පුංචි ආණ්ඩු වල බදු තක්සේරුවට කම්කරුවන් බඳවා ගනී...

බස්නාහිර පුංචි ආණ්ඩු වල බදු තක්සේරුවට කම්කරුවන් බඳවා ගනී...

පළාත් පාලන ආයතනයක වරිපනම් තක්සේරු කිරීම නීතියෙන් ප්‍රධාන තක්සේරුකරු කළ යුතු වුවත් බස්නාහිර පළාතේ වරිපනම් තක්සේරු කිරීම පළාත් පාලන ආයතනයේ අ.පො.ස .(සා.පෙළ )
විභාගය පිළිගත් මට්ටමකටවත් සමත් නොමැති 8 ශ්‍රේණිය සමත් ලෙස සැලකිය හැකි කම්කරුවන් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.


වරිපනම් නොගෙවන දේපළ තහනම් කර විකිණීමේ භාරදූර
කාර්යය නාගරික කොමසාරිස්ට හෝ ලේකම්ට නීතියෙන්  පැවරී
පැවරී ඇති කාර්යය ද කම්කරුවන්ට පැවරීමට කටයුතු කරමින් පවතී.


රටේ ජනතාව ආර්ථික අපහසුතාවයකින්  පෙළෙමින් පවතින විට නියමිත සුදුසුකමක් හෝ දැනුමක් නොමැති කම්කරුවෙකු  දේපල තක්සේරු කිරීමට යෙදවීමෙන් ජනතාව මහත් අපහසුවට පත්වීමට සිදුවව ඇත.


රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට,යහපාලනයක් ඇති කිරීමට, නීතියේ ආධිපත්‍යය ඇතිකර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කරන රාජ්‍ය පාලනයක කම්කරුවෙකු
බදු තක්සේරු කර අය කර ගැනීමෙන් ඇතිවන පීඩාවට බස්නාහිර පලාතේ ජනතාව  මුහුණ පෑමට සිදුවන  කනගාටුදායක තත්වයක් බස්නාහිර පළාත් සභාව ඇතිකරමින් පවතී.
පළාත් සභාවට
පළාත් පාලන ආයතනයකට හරියට බද්දක් අය කර ගැනීමටවත් කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නොහැකි බව ඔප්පු කරමින් ඇත.

ආණ්ඩුකාරතුමාගේ අවධානය පිණිසයි.

Search