ඩඩ්ලිගේ ‘සුදු අරලිය’ඉවත් කරන්න බෑ, ඉඩම් අල්ලාගෙන ද කියලා බලනවා’- දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ

ඩඩ්ලිගේ ‘සුදු අරලිය’ඉවත් කරන්න බෑ, ඉඩම් අල්ලාගෙන ද කියලා බලනවා’- දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව පිහිටි සුදු අරලිය හෝටලය කඩා ඉවත් කළ නොහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ රූබන් පැවසීය.

අදාළ ඉඩම 1977 වර්ෂයේදී සංචාරක මණ්ඩලයට නීත්‍යනුකූලව වෙන් කරන ලද භූමියක් වන අතර හෝටලය නීත්‍යනුකූලව ඉදිකර ඇති බව බවද ඔහු කීය.

එහෙත් හෝටලය මගින් අමතර ඉඩම් අත්පත් කරගෙන තිබේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා නැවත මැනීමක් සිදු කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේ ය.

වැව් රක්ෂිත මායිම් අලුතින් සලකුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ සුදු අරලිය හෝටලය ඉවත් කිරීමට සිදුවන බවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ය.

Search