රේල්ලුවේ කෝටි 202ක සුදු අලියෙක්..... එන්ජින්, පාලක මැදිරි ධාවනාගාර ඇතුළු සියල්ල යා කරන සන්නිවේදන පද්ධතියට කෝටි 195ක්, පද්ධතියේ නඩත්තුවට කෝටි 7යි

රේල්ලුවේ කෝටි 202ක සුදු අලියෙක්..... එන්ජින්, පාලක මැදිරි ධාවනාගාර ඇතුළු සියල්ල යා කරන සන්නිවේදන පද්ධතියට කෝටි 195ක්, පද්ධතියේ නඩත්තුවට කෝටි 7යි

එන්ජින්, පාලක මැදිරි, ධාවනාගාර ඇතුළු සියල්ල සම්බන්ධ කෙරෙන දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය සඳහා රුපියල් එකසිය අනූපන්කෝටි දොළොස්ලක්ෂ තිස්දහස් එකසිය හැටදෙකක (1,951,230,162) මුදලක් වැයකොට ඇතත් වර්තමානය වනවිට මෙකී ව්‍යාපෘතිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. 

2020 වර්ෂයේදී මෙකී ව්‍යාපෘතිය ස්ථාපිත කොට තිබිණි. 

සක්‍රියව භාවිතයට නොගන්නා මෙම පද්ධතියේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සඳහා ඉකුත් වසර පහ තුළදී රුපියල් හත්කෝටි තිස්එක්ලක්ෂ අසූපන්දහස් හත්සිය හැත්තෑ අටක මුදලක් (73,185,778) වැයකොට තිබිණි. 

මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුනොවන බවත් වර්තමානය වනවිට මෙහි ප්‍රායෝගික භාවිතය අසාර්ථකවී ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වේ. 

මෙම තත්ත්වය නිසා මෙම සන්නිවේදන පද්ධතිය යොදාගනිමින් දුම්රිය මෙහෙයුම් කර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ඉලක්කගත නිමැවුම් සාක්ෂාත් වී නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට අදාළ සියලුම නිලධාරීන් පෞද්ගලිකව හා සාමූහික වශයෙන් පද්ධතියට ප්‍රවේශ නොවීම, අදාළ සන්නිවේදන නියෝජිතායතනය වෙතින් ගිවිසුම් ප්‍රකාර සේවාවන් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම, සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යන ප්‍රධාන දුර්වලතා හේතුවෙන් වර්තමානය වනවිට මෙකී ව්‍යාපෘතිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොවන බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Search